Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහන ඊයේ (03) අරලියගහ මන්දිරයේදී සාර්ථකව අවසන් වී තිබෙනවා.

ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් මෙම තෙදින වැඩසටහනට ආරාධිතයන් ලෙස සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්.ඒ. රොහාන් ප්‍රනාන්දුගේ මැදිහත්වීම යටතේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සම්පත් දායකත්වය ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම වැඩසටහනේදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විසින් ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.