Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයෝ එකම කාරණය ගැන වෙනස් කතා කියන්නේ, පරස්පර කතා කියන්නේ -

00:06 : ඔවුන් අතර තියෙන ප්‍රතිපත්තිමය විෂමතාවයන්, ඒවගේම දැනුමේ තියෙන විෂමතාවයන් -

00:10 : සහ රටේ තිබෙන ප්‍රශ්න ගැන, අභියෝගයන් ගැන කිසිම වගකීමක් නැතිව කියන කාරණය අපට පැහැදිලියි.

00:16 : කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා, නලින්ද ජයතිස්ස එක දෙයක් කියනවා -

00:19 : මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා තව එක දෙයක් කියනවා.

00:22 : ඒ විදිහට, වැදගත්ම කාරණා ගැන - රටේ ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව කොපමණද?

00:27 : රටේ කොපමණ කාලයකට ඉන්ධන මේ වන විට ගෙනල්ලා තිබෙනවාද? ඉන්ධන මිල ලෝක වෙළඳපොළේ අඩුවෙද්දී ශ්‍රී ලංකාවේ වැඩි වෙන්නේ ඇයි?

00:34 : මේ වගේ කාරණා ගැන සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකටත් බෑ, ආණ්ඩුවටත් බෑ -

00:40 : ඒ වගේම, ඒවා ගැන කතා කරන දෙවන පෙළ, තුන්වන පෙළ නායකයන්ටත් බෑ.

00:44 : ඒ කියන්නේ රජය තුළ කිසිම එකඟතාවයක්, දැනුවත්කමක්, වැඩපිළිවෙළක් නැහැ.

00:48 : දවසෙන් දවසට, එන එන හැටියට වැඩ කටයුතු කරගෙන යනවා.

00:51 : මේ විදිහට රට අරන් ගිහිල්ලා රට අපි හිටපු තැනෙනුත් පල්ලෙහාට යනවා.