Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : මීට වඩා සාධාරණයක් ජනතාවට කරන්න පුළුවන් අපිට, ඇත්තටම තෙල් සංස්ථාවට ණය ගෙවන්න තිබ්බේ නැත්නම් සහ පසුගිය කාලයේ වංචා සිදුවෙලා තිබුනේ නැත්නම්.

00:07 : පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නෑ - පාඩුව ඉස්සරහට එනවා.

00:12 : ඒවත් ගණන් හදමින් තමයි, ජනතාව මත අවම වශයෙන් බර පටවමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ.

00:17 : ඔබට පේනවා ඇති, පහුගිය මාස හතකට ආසන්න කාලය තුළදී අපි තෙල්වල මිල අඩු කිරීමක් කරන්න පුළුවන් හැම වෙලාවෙම කළා.

00:23 : අපි දැනෙන වෙනසක් ලබාදෙන්න පුළුවන් හැම වෙලාවෙම ලබාදීලා තිබෙනවා.

00:26 : නමුත්, සමහර අපට පාලනය කළ නොහැකි කාරණා මත සහ යම් සූත්‍රයක් අනුව අපි කටයුතු කරන නිසා මේ වෙලාවේදී යම් වැඩිවීමක් කරන්න අපිට සිද්ධ වුණා.

00:33 : තෙල් මිලදී ගැනීමේදී ඒ කාලෙදී එච්චර ප්‍රමාණයක් margin තියා ගත්තේ නැත්තම්, අපිට මීට වඩා අඩු මිලට ජනතාවට තෙල් දෙන්න තිබුණා.

00:40 : ඒ නිසා මතක තියාගන්න - කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට, කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා.