පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතරම් පිරිස් සිටියදී, විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යෂක ලෙස හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කිරීම වැරදි දෙයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසනවා.
මේ තනතුරු සඳහා යොමුවිය යුතු නියමිත සේවා කාලය සපුරන ලද, සුදුසුකම් ඇති නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ නොමැතිදැයි ඔහු මාධ්‍ය හමුවකදී විමසා සිටියා.
ශානි ඔබේසේකරගේ පත්කිරීම දේශපාලන පත්කිරීමක් බවත්, එයින් මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය වන බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මේ කාරණය තුල පොලීසිය දේශපාලනීකරණය වී ඇති බවත්, ඔවුන්ගේ පක්ෂයට දරදිය ඇදි මිනිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට යොදා ගෙන මොවුන් සිදුකිරීමට යන්නේ කුමක්දැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටිනවා.