ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද දේශපාලන ගණිකාවන් බවට පත්වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
බලය උදෙසා ඕනෑම දෙයක් පාවා දීමට කටයුතු කිරීම නිසා ඔවුන් දැන් එම තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු පවසා සිටින්නේ.
නුවරඑළිය බලය පිහිටුවීමේදී තොන්ඩමන් කණ්ඩායමේ සහාය ලබාගත් බවත්, රිෂාඩ් බද්යුදීන් වංචාකාරයෙක් බව එදා පැවසුවත්, ඒ කණ්ඩායමේද සහාය ලබාගත් බවත් ඔහු පෙන්වා දෙනවා.
එසේම, එදා ගාල්ල නගර සභාවේ පොහොට්ටුවේ නගරාධිපතිවරයාට විරුද්ධව කතා කළ හඬපට ඇති බවත්, නමුත් අද ඔහු සමගම ගාල්ල නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.