Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

"මමත්, ඔබත් අපි හැමෝම රටේ කඩා වැටීමට වග කිය යුතුයි" යැයි ලාල් කාන්ත ඇමතිවරයා පවසන බවත්, ඒ අනුව '76 වසර' යැයි පවසා තමන්ට බැන වැදී වැඩක් නොමැති බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා පවසනවා.

දැන් රටේ වැඩ වර්ජන නොමැති බවත්, පෙළපාලිත් නොමැති බවත්, නමුත් දැන් තිබෙන ප්‍රශ්න​ය වන්නේ ආයෝජන නොපැමිණීම වන බවයි අද (30) පාර්ලිමේන්තුව අමතමින් ඔහු පවසා සිටියේ.

රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් දේශපාලන වර්ගීකරණය හා වර්ණභේදය නැති කළ යුතු බවට තමා ඉතා ඕනෑකමින් පවසන බවද ඔහු සඳහන් කර සිටියා.

හාල් ප්‍රශ්නය තවමත් පවතින බවද, තමන් එදා සිට 'අපි වවමු - රට හදමු' ලෙස පැවසූ බවත්, නමුත් කතාවෙන් මිසක් ක්‍රියාවෙන් එය සිදුනොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.