Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තමා ‍ලෝක ආර්ථික සමුළුවට ගොස් පැවැත්වූ කථාව විකෘති ‍කර, ඔවුන්ට ගැලපෙන ආකාරයට ඉදිරිපත් කරමින් ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

අපේ රටේ බුද්ධිමත් ජනතාව, තරුණ තරුණියන් පිටරටවලට යන බවත්, මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්නා අය පිටරටවලට යෑම අපරාධයක් බවත් තමා එහිදී ප්‍රකාශ කළ බවයි අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අපට සංචාරක කර්මාන්තය අවශ්‍ය බවත්, එයට කැමති බවත්, එසේ වුවත් ඒ සමගම පැමිණෙන මත්ද්‍රව්‍යවලට කැමති නැති බවත් ඔහු පවසා සිටියා.

යම් යම් සීමාවන් සහිතව අපේ ආර්ථීකය වර්ධනය කර ගත යුතු බවද, එම හැකියාව ආණ්ඩුව විසින් හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ විශාල විභවයක් ඇති බවත්, රටේ නීතිය කඩා වැටී ඇත්නම් හෝ ආර්ථිකය බිඳ වැ‍ටී පවතියි නම් එම විභවය නොපවතින බවයි සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.