හබරණ, හතරැස් කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් ඊයේ (29) පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් අත්අඩංගුවට ගනු ලැබුවා.
C4 වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් එම ලොරි රථයේ තිබී සොයාගෙන ඇති බවයි හබරණ පොලීසිය පැවසුවේ.
අදාළ ලොරි රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, රථයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත්, කිසිවෙකු විසින් තමුන්ට හොරෙන් මේවා එහි සඟවන්නට ඇති බවත් රථයේ රියදුරා විසින් පොලිසියට පවසා ඇති බවයි සඳහන් වන්නේ.
ගාල්ල, ලබුදූව ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා ධාවනය කර ඇති අදාළ ලොරි රථයේ රියදුරු 59 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය අද (30) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හබරණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.