Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි 14 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විසින් කරුණු ඉදිරිපත් කළ බවයි සඳහන් වන්නේ.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවයි එහිදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ‍.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙසටද එහිදී රජයේ නීතිඥවරයාට නියෝග කර තිබෙනවා.

රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව දුමින්ද දිසානායක සැකපිට අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.