Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි සිය X ගිණුමේ පණිවුඩයක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ‍.

මෙය හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන ලද මඩ ප්‍රචාරයක් පමණක් නොව, ගරුතර මහා සංඝ රත්නයට සිදු කෙරෙන බරපතල අගෞරවයක් බවද මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

තම පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව විසින් පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බවත්, තම පවුලේ අය සහ තමාද නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.