Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය අද (30) සමත් වුණා.

එම ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9:00ට පැවැත්වුණා.

සභාපති තේරීම සඳහා පැවති විවෘත ඡන්දයේ දී එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ධම්මික නලින් දේශප්‍රිය පත්වූ අතර, ඔහු ඡන්ද 34 කින් ලබා ගත්තා‍.

සමගි ජන බලවේගයෙන් තරග කල ලක්ෂාන් රන්දික ලබාගත්තේ ඡන්ද 29ක් පමණයි.

මේ අතර, වලපනේ ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ඡන්ද 34 ක් ලබාගත් පොදුජන එත්සත් පෙරමුණේ සුනිල් කුමාරසිංහ තේරි පත්වුණා.