Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබෙනවා.

ඒ අනුව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව තිබූ අතර දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණා.

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙක් අතුරුදහන් වූ අතර හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්වී තිබුණා.