Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (27) අවසන් වුණා.

ඒ අනුව අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම‍ වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය හා ධනංජය ද සිල්වා කඩුලු 02 බැඟින් බිඳ හෙළීමට සමත් වූ අතර, අසිත ප්‍රනාන්දු හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිම‍ට වඩා ලකුණු 96 ක් පිටුපසින් සිටිනවා.