Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් මොනවද පොහොට්ටුවත් එක්කත් ගිහිල්ලා, UNP එක්කත් ගිහිල්ලා, සජබෙත් එක්කත් ගිහිල්ලා -

00:04 : තොණ්ඩමනුත් එක්කත් ගිහිල්ලා, රිෂාඩ් බදියුදීන්ලත් එක්කත් ගිහිල්ලා, රවුෆ් හකීම්ලත් - දැන් නොගිය තැනක් නෑ.

00:09 : අද දැන් කියන්න බෑනේ ඒ කට්ටිය හොරුයි කියලා. එහෙම නම් ඒගොල්ලෝ හොරෙක් එක්ක එක්කහු වුනාම, ඒ හොරා හොඳයි.

00:16 : එයා පිරිසිදු වෙනවා එක පාරට. නැති කට්ටිය අපිරිසිදු වෙනවා.

00:19 : මේ වගේ දේශපාලන බොළඳ තර්ක වලට මේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න තරම් ජනතාවක් නැහැ.

00:25 : ඉතින් ඔවුන් ඔවුන්ම විසින් කතා කරපු පාරිශුද්ධත්වයක් අද නැති කරගෙන තියෙනවා. එක අතකින් ඒකත් විපක්ෂයේ ජයග්‍රහණයක්.

00:31 : ඒගොල්ලොනේ කියන්නේ මෙයා හොරා - අරයා හොරා. දැන් එදා කිව්වේ 'ඔක්කොම 225ම හොරු. මේ සියලු පක්ෂවල ඉන්න ඔක්කොම හොරු!'.

00:37 : දැන් ඉතින් ඒ හොරුත් එක්ක එක්කහු වෙලා තියෙනවානේ.

00:40 : දැන් ඒගොල්ලන්ගෙන්ම අහන්න ඕනේ අර්ථකථනය කොහොමද? දැන් හොරු අර්ථකථනය කරන්නේ කොහොමද කියලා.

00:44 : ආණ්ඩුවක් හරි, මොකකට හරි එක්කහු වෙන්න ඕනේ රටක් හදන්න පුළුවන් නම්‍.

00:48 : මේ රට විනාශය කරා යනවනේ‍. මේ රට ඇත්තටම දැවැන්ත විනාශයකින්, බංකොලොත්භාවයෙන් බේරාගත්ත එක්කෙනා තමයි රනිල් වික්‍රමසිංහ.

00:55 : හෙට දවසටත් මේ රට බේරා ගැනීමට තිබෙන එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මම දන්න හැටියට.