Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මේ වසරේ ජනවාරි මාසයේදී චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500කට ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග ලබා දීමට නියමිතයි. 

එමෙන්ම, ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමට ද නියමිත බවයි සඳහන් වෙන්නේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අත්සන් තැබුණු අතර, එය 2026 වසරේ ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සෘජුව දායකත්වයක් සපයනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙනවා.

අදාළ නිවේදනය පහතින්.