බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසනවා.
එම සමුළුව ජූනි 25 වැනිදා සහ ජූනි 27 සිට ජූලි 05 වැනිදා දක්වා දිනවලදී, බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
ඉහත දිනවල උදෑසන 07.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණී වටරවුමෙන් ඩී.ආර්. විජේවර්ධන මාවතට කන්ටේනර් රථ, ගල් හා වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින්, ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළු වී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබන බවත්, බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල්වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
