Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
එසේම, දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමට ද සැලසුම් කර ඇති බවත්, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එහි ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරය ද නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
