Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඉරානය විසින් සිය රට තුළ ඇති අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර කටාර් රාජ්‍යය දැඩිව හෙළා දැක තිබෙනවා.

මෙම ප්‍රහාරය කටාර්හි ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවත් ජාත්‍යන්තර නීතියට අනුකූලව මෙම ප්‍රහාරයට එරෙහිව සෘජුවම ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන්ට ඇති බවයි ප්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ඉරාන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, අමෙරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රහාර මිත්‍රශීලී සහ සහෝදර රට වන කටාර් රාජ්‍යය සහ එහි ජනතාව ඉලක්​ක කර නොමැති බවත් ඉරානය කටාර් රාජ්‍යය සමඟ ඇති ඓතිහාසික සබඳතා පවත්වා ගැනීමට කැපවී සිටින බවයි.

මේ අතර ඉරානය විසින් කටාර් රාජ්‍යයේ අමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය රටවල් රැසක් මේ වන විට හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබෙන අතර කටාර් රාජ්‍යයට එල්ල කරන ලද ඉරාන ප්‍රහාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩිව හෙළා දැක තිබෙනවා. 

එසේම ඉරාන​ය විසින් කටාර් රාජ්‍යට එල්ල කරන ලද ප්‍රහාරය සාධාරණ නොවන බවත් එය සිය රට දැඩිව හෙළා දකින බවයි සෞදි අරාබියද නිවේදන​යක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.