මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානා 05 ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර රියාද් ගුවන්තොටුපොළ වෙත එක් ගුවන්යානයක් හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර කිසියම් ගුවන්යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩබෑම සඳහා ඉල්ලීමක් කළ හොත් මත්තල ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන්තොටුපොළ සූදානම් කර ඇති ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.