Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

New UPDATE - 10.53 PM

කටාර් සහ ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත ඉරානයෙන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කටාර්හි අල්-උදෙයිද් ප්‍රදේශයේ එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යන කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රහාර එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟ සිය ගුවන් කලාපය වසා දැමීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබුණා.

Previous News -10.44 PM

මේ වන විට කටාර් දෝහාහි පිපිරීම් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානය විසින් කටාර්හි ඇමරිකානු කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට අනතුරු ඇඟවීමක් මීට පෙර නිකුත් කර තිබුණා.

ඒ හේතුවෙන් සිය ගුවන් කලාපය වසා දැමීමට කටාර් රාජ්‍යය කටයුතු කර තිබුණා.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.