Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපලක් වෙන දෝහා වෙතින් ගුවන්යානා ඉවතට හරවා යැවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කටාර්හි අල්-උදෙයිද් ප්‍රදේශයේ එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන සන්ධාන ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැ‍බීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

එසේම එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.