රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi අතර සාකච්ඡාවක් අද (23) පවත්වා තිබෙනවා.
ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය කිසිඳු පදනමක් සහ සාධාරණීකරණයක් නොමැති ප්‍රහාරයක් බව එහිදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙහිදී අදහස් දක්වා ඇති ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීති සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් බවයි.