00:00 : ඇත්තටම දේශපාලනයේ පිල් මාරුව විවේචනය කරපු ජාතික ජන බලවේගය මේ රටේ දේශපාලන සාහිත්‍යයට -
00:06 : අලුත් මතවාදයක් ඉදිරිපත් කරලා තිබෙනවා. 'බල්තසාර් තියරිය' ඉදිරිපත් කරලා තිබෙනවා.
00:11 : කොළඹ මහ නගර සභා මැතිවරණයේදී අපට ප්‍රකාශ කරනවා 'බල්තසාර් තියරිය'. පිල් මාරු කිරීමේ නව තියරිය තමයි, 'බල්තසාර් තියරිය!'
00:19 : ඒ කියන්නේ, රහස් ඡන්දයක් පැවැත්වීම තුළින් අර දූෂිත දේශපාලඥයන්ගේ දූෂණය සෝදා හැරීමේ ඒ තියරිය තමයි 'බල්තසාර් තියරිය'.
00:29 : මේ රටේ ඩීල් දේශපාලනයට විරුද්ධව කතා කරපු - දේශපාලනයේ සුජාතභාවය පිළිබඳව කතා කරපු -
00:35 : ඇත්තටම දේශපාලනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත ජාතික ජන බලවේගයට අද සිද්ධ වෙලා තිබෙනවා.
00:42 : දූෂිතයන්, අදූෂිතයන් බවට පත්කිරීම සඳහා වන 'බල්තසාර් තියරිය' ක්‍රියාත්මක කරන්න යන වෙලාවේදී -
00:49 : අර දූෂිතයන්ගේ ඡන්දය අවශ්‍ය වෙලා තිබුණා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා.