අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.