Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කළුතර මහ නගර සභා‍වේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (23) සමත් වුණා.

ඒ අනුව කළුතර මහ නගර සභා රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාගරිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පවත්වා තිබුණා.

එහිදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම තීරණය කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණු බවයි වාර්තා වෙන්නේ.

පසුව, නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, එහිදී ඡන්ද 17ක් ලබා ගනිමින් ධනුජ සෝමරත්න නගරාධිපති ධුරයට පත්වී තිබෙනවා.