පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හෙට (24) දිනයේදී එලාට් නගරය වෙත ගොස්, ටබා දේශසීමාව හරහා කයිරෝ ගුවන්තොටුපොළට පැමිණ, මෙරටට පැමිණීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
මීට අමතරව, මෙරටට පැමිණීමට පිටත්වීම සඳහා තවත් 12 දෙනෙකු තානාපති කාර්යාලයට පැමිණ ඇති බවත්, ඉදිරි දිනවලදී ඔවුන් මෙරටට පිටත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
ඊශ්‍රායලයේ සේවය කරන සිය ප්‍රජාව රැගෙන යාමට ඉන්දීය රජය ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළේ සිට නවදිල්ලි ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා කිහිපයක් ක්‍රියාත්මක කරන අතර, ඒවායේ ශ්‍රී ලාංකිකයින් ගණනාවකට ආසන සැපයීම කළ හැකි බව ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.