හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඔහුට එරෙහිව පවරා තිබුණු නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2010 සහ 2012 වසරවලට අදාළව රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 2023 වසරේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නඩු පවරා තිබෙනවා.