බුත්තල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය අද සමත්වුණා.
ඒ අනුව බුත්තල ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද (23) දින පැවැත්වූ අතර, එහිදී නව නගරාධිපති තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජික චතුරංග බුත්තල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගෙන ඇති බව සඳහන්.