Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහනුවර අම්පිටිය බෙරවට්ස් විද්‍යාලය හා මහනුවර පේරාදෙණිය සරසවි උයන විද්‍යාලය අතර පැවැත්වෙන සෙංකඩගල සටන ක්‍රිකට් තරගය අද (22) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් සරසවි උයන විද්‍යාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බෙරවට්ස් විද්‍යාල කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන් ලකුණු 127 ක් ලබා ගැනීමට සමත් වුණා.

පසුව දිගින් දිගටම වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවන් තීරණය කළා.