Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සංවිධානය කර​න මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය හෙට (23) සහ අනිද්දා (24) දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මලයහ තමිල් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් ඇති අතර ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ සනිටුවන් කිරීමෙහිලා තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ සිය ශ්‍රමය කැප කරන මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් උසස් තත්ත්වයට පත්​ව නොමැති අත​ර මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු, ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ සහ ඔවුන්ගේ දායකත්වයන් යන තේමා ඔස්සේ මෙ​ම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙනවා. 

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් ලබාගත් ඡායාරූප කතන්දර 25 ක් (ඡායාරූප 250 ක්) සහ කෙටි වීඩියෝ පට 20 ක් මෙ​ම ප්‍රදර්ශනයට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

හෙට උදෑසන 11 ට මෙම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.