Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 11.15 AM

* ඉරානයේ නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

* ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, මෙහෙයුම සාර්ථකවීම සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට ප්‍රශංසා කරන බවත් ඉක්මනින් සාමය ඇති කර ගැනීමට හෝ වඩා විශාල ප්‍රහාරවලට මුහුණදීමට සූදානම්වන ලෙස අනතුරු අඟවන බවයි.

* මේ අතර සිය රටට ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් පිළිගෙන ඇති අතර සිදුවූ හානිය සම්බන්ධයෙන් ඔවුන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

* කෙසේ නමුත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෝඩෝ න්‍යෂ්ටික භූමිය විනාශ කිරීම ගැන අසත්‍ය ප්‍රකාශ කරන බවත් ෆෝඩෝ පිවිසුමේ සහ පිටවීමේ උමං මාර්ග දෙකකට පමණක් හානි සිදුවී ඇති බවයි.

* ‍ප්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ, මෙය භයානක තත්ත්වයක් බවත් මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති අතර මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ මිලිටරි යුද්ධයක් නොව රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවත් එකම බලාපොරොත්තුව සාමය බවයි.

* හමාස් සංවිධානය අමෙරිකාවේ ප්‍රහාරය හෙළා දකිමින් නි‍වේදනයක් නිකුත් කර තිබෙනවා.

* ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි, ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් අද උදෑසන සිදුවීම් ප්‍රකෝපයට පත් කරන බවත් සදාකාලික ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවත් එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය "බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

* ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දීමෙන් පසු පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය හා  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.