මහනුවර අම්පිටිය බෙරවට්ස් විද්‍යාලය හා මහනුවර පේරාදෙණිය සරසවි උයන විද්‍යාලය අතර පැවැත්වෙන සෙංකඩගල සටන ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙනවා.
ඒ අනුව අස්ගිරිය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර තරගයේදී බෙරවට්ස් විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් දිල්හාර කුලතුංග නායකත්වය දරණ අතර සරසවි උයන විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් අන්ජන ජයනෙත්ති විසින් නායකත්වය දරණ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.