Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂා කර තිබුණු අතර, එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වසරේදී ඔවුන්ට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ අතර, පසුගිය 19 වැනි දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.