Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පස්වන හා අවසාන දිනය අදයි.

ඊයේ (20) සිව්වන දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියා.

එහිදී Shadman Islam ලකුණු 76 ක් ලබාගත් අතර, නායක Najmul Hossain Shanto නොදැවී ලකුණු 56 ක් සහ Mushfiqur Rahim නොදැවී ලකුණු 22 ක් ලබා සිටිනවා.

ඒ අනුව මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 187 ක් ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ සිය පළමු ඉනිමට සියළුම දෙනා දැවී ලකුණු 485 ක් ලබාගත් අතර බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 10 ක් පසුපසින් සිටියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 187 ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 87 ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක්ද ලබාගත් අතර, පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Nayeem Hasan කඩුලු 05 ක් ලබාගත්තා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 495 ක් ලබාගත්තා.