Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : විපක්ෂයේ නම් දැන් ඉතින් රෙදි ගැලවිලා තියෙන්නේ - මොකද ඒගොල්ලෝ ඒ කාලේ කියපු ඒවා ඔක්කොම දැන් අවසන් වෙලා තියෙන්නේ.

00:05 : ඇත්ත කථාව, පක්ෂ නෙවෙයි අපිට සහයෝගය ලබා දුන්නේ - එක් එක් පුද්ගලයෝ, මන්ත්‍රීවරු සහයෝගය ලබා දුන්නා.

00:10 : ඉතින් අපි තමයි වැඩිපුර දිනලා තිබ්බේ මේ ආයතනවල.

00:13 : විපක්ෂේ කෑ ගැහුවා ඒ දවස්වල ඒගොල්ලන්ට ගොඩාක් පිහිටුවන්න පුළුවන් කියලා ඒකාබද්ධ වෙලා.

00:16 : නමුත්, අඩු ගානේ කොළඹ මහ නගර සභාවවත් පිහිටුවන්න බැරි උනා‍ ඒ ගොල්ලන්ට.

00:19 : ඉතිහාසයේ පළමු වතාවට - එන්.එම්. පෙරේරා නගරාධිපති වෙලා හිටියට පස්සේ - මේ පාර තමයි ආයේ වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරයකට කොළඹ මහ නගර සභාවේ බලය හම්බ වුනේ.

00:27 : ඉතින් කොළඹ මහ නගර සභාවවත් සමගි ජන බලවේගයට, එක්සත් ජාතික පක්ෂයට නැති වුණා කියලා කියන්නේ, ඒගොල්ලෝ දේශපාලනයෙන් වඳ වෙලාම යනවා කියන එක තමයි.