රත්තොට - උකුවෙල ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවී තිබෙනවා.
ඒ අනුව රත්තොට - උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක තේරී පත්ව ඇති අතර, ඔහු ඡන්ද 14ක් හිමි කරගෙන තිබෙනවා.
එහි උප සභාපතිවරයා ලෙස එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆි පත්වී ඇති අතර ඔහු ඡන්ද 12 ක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එම්.ජී.ජේ. තුෂාර සම්පත් තේරී පත්ව ඇති අතර, උප සභාපතිවරයා ලෙස සර්වජන බලයේ කේ.ජී. දිමුතු ප්‍රියංකර පත්වී තිබෙනවා.