සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණයෙන් අද (20) ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින්, මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබාදී තිබෙනවා.