Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අද ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරන්නේ.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබියදී, ඔහු එයට එරෙහිව කටයුතු කර ඇති බවයි පොදුජන පෙරමුණ නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.