Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඔහු රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැර ඇති අතර, අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන බවයි සඳහන් වන්නේ.

ලොතරැයි මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළ බවට වූ චෝදනා මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.