ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.
එහි නවතම තත්ත්වය : 12.30 PM
අමෙරිකාව සහ විදෙස් රටවල මැදිහත්වීම්
* ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි සති දෙක තුළ ඉරානයට ප්‍රහාරයක් දියත් කරනවාද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
* එම සති දෙකක කාලය තුළ ඉරානයට සාකච්ඡා සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
* එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි අතර පැවති හමුවකින් පසුව, ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවි ලඟ තබා ගැනීමට ඉඩ ලබාදිය නොහැකි බවට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එකඟ වී තිබෙනවා.
* ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම ආරම්භ වූ දිනයේ සිට චෙක් ජනරජය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් ටෙහෙරානයේ තානාපති කාර්යාල මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
* ඉරාන ගුවන් අවකාශය හා ඊශ්‍රායලයේ ගුවන් තොටුපළවල් වසා දැමීමත් සමඟ, බොහෝ රටවල් එම දෙරටෙන්ම සිය පුරවැසියන් ඉවත් කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් සංකීර්ණ වෙමින් පවතිනවා.
ඊශ්‍රායලයේ තත්ත්වය
* ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ද ටෙහෙරාන් නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර රැසක් දියත් කර තිබුණා.
* එම ප්‍රහාර සඳහා ඔවුන් ජෙට් යානා 60 ක් පමණ යොදාගෙන ඇති අතර, ටෙහෙරාන් ප්‍රදේශයේ මිසයිල නිෂ්පාදනය සඳහා යොදාගත් කාර්මික ස්ථාන කිහිපයකටද ප්‍රහාර දියත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
* ඊශ්‍රායලයේ දකුණු බියර්ෂෙබා ප්‍රදේශයට සෘජු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානයේ තත්ත්වය
* ඊයේ රාත්‍රියේත් ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර රැසක් එල්ල කර තිබුණා.
* ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි හානි සිදුවී ඇති නමුත්, සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
* ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විසින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගැටුමට සම්බන්ධ නොවන ලෙස අනතුරු අඟවා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.