මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද (20) අලුයම චීනය වෙත පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර සිටි අතර, ඔවුන් පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණා.
මෙම පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හා ශ්‍රී ලංකන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම චීනයේ ග්වැන්ෂෝ බලා ගමන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.