කතරගම පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදු කරන පාද යාත්‍රාව අද (20) ආරම්භ වනවා.
යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන මෙම සංස්කෘතික පා ගමනට මෙවර 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කෙරෙනවා.
යාපනයේ සිට වට්ටප්පලෙයි, ත්‍රිකුණාමලය, වේරුගල්, සිත්තන්ඩි, මඩකලපුව, මන්ඩාර්, තිරුක්කෝවිල් සහ ඔකඳ යන ප්‍රදේශ පසු කරමින් කතරගමට පැමිණීමට බැතිමතුන්ට දින 35ක් පමණ ගත වන බවයි සඳහන් වන්නේ.
මේ අතර පාද යාත්‍රාවෙන්, කතරගම පුජා භූමියට පැමිණීමේදී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස උපදෙස් දී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළා.
පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවලදී එකතු වන කැලි කසළවලින් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ බවයි ඔහු කියා සිටියේ.
මේ අතර 2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම අද සිට විවෘත කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.