Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය ලබාදී තිබෙනවා.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත අප්‍රේල් 08 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, දෙවැනිවර කියවීමේ විවාදය මැයි 23 වැනිදා පැවැත්වුනා.

ඉන් අනතුරුව ජුනි 04 වැනිදා මෙම පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම පනත මගින් සාක්ෂිකරුවන්ට ඕනෑම ස්ථානයක සිට දුරස්ථව සාක්ෂි ලබාදීමට හැකියාව ලබාදීම ඇතුළු නීති සංශෝධන කිහිපයක් ඇතුළත් වනවා.