Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

ඒ අනුව ඊයේ (19) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 368 ක් ලබා සිටියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක විශිෂ්ට ලෙසින් ලකුණු 187 ක් ලබාගත් අතර, එහිදී ඔහු තම ටෙස්ට් ලකුණු 1000 සීමාව ද ඉක්මවා යාමට සමත් වුනා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් ලබාගත් අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud, Taijul Islam, Nayeem Hasan හා Mominul Haque එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 495 ක් ලබාගත් අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 127 ක් පිටුපසින් පසුවනවා.