Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඊශ්‍රායලය සහ ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය එම රටවල පිහිටි තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බලමින් සිටින බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.