ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
එහි නවතම තත්ත්වය : 06.30 PM
* ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මූලස්ථානයට පහරදුන් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි වාර්තා වෙන්නේ.
* ඉරානය සහ ඊශ්‍රායලය අද අලුයම වන තෙක් ප්‍රහාර දියත් කළ නමුත් පෙර දිනයන්වලට වඩා ප්‍රහාරවල අඩුවක් දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
* ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඊයේ රාත්‍රියේ ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදා අණ දෙන නිලධාරියෙකු වන අලි ෂඩ්මානි මරා දැමූ බවයි.
* ඉරානය අද උදෑසන රට තුළට මිසයිල 30 ක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා.
* ඉරාන ප්‍රහාරවලින් 154 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
* මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ ටෙහෙරාන් නගරයෙන් ඉවත් වන ලෙස එරට වැසියන්ට දැනුම්දුන් අතර ඉන් අනතුරුව එහි සිටි ජනතාව පිටව යාමේදී එරට දැඩි රථ වාහන තද බදයක් නිර්මාණයවී තිබෙනවා.
* ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 445 ඉක්මවන බවට ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසනවා.
* මියගිය පිරිස අතරට සිවිල් වැසියන් 224 දෙනෙකු සහ මුදා සාමාජිකයින් 109 දෙනෙකු අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුටරටත් සඳහන් වෙන්නේ.