පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යංශයේ සිටි මැති ඇමතිවරුන් කටයුතු කර ඇත්තේ ‘ක්‍රීඩාවෙන් කෙළිය’ අමාත්‍යවරුන් ලෙස බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසනවා.
ඒ අනුව එය ඇස් පනාපිටම තහවුරු වෙමින් ඇති බවත්, එයින් එක් අයෙක් වන මහින්දානන්ද අළුත්ගමගේ මේ වන විට සිර දඬුවම් විඳින බවයි අද (17) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
2014 වසරේ පැවති රග්බි තරගාවලියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයින් වන යෝෂිත, නාමල් සහ රෝහිත රාජපක්ෂගේ නම් ද ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ඇතුළත් වූ බවද, එදා ඔවුන් ජාතික කණ්ඩායම් සමඟ කටයුතු කළේ ඒ ආකාරයෙන් බවද ඔහු ප්‍රකාශ කළා.
මොවුන් වැරදීමකින් හෝ ක්‍රිකට් ක්‍රීඩාව සිදු කළේ නම් සංගක්කාර හා මහේල වැනි ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් දිවිය අවසන්වීමට තිබුණු බවත්, ඔවුන් ගිනිගෙන දැවුණු මෝටර් රථයක තිබී හමුවන්නට හැකියාව තිබූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.