Air India ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර ගුවන් ගමන අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණු අතර, එම ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බවයි සඳහන් වෙන්නේ.
ජුනි 12 වන දින සිදුවූ මාරාන්තික ගුවන් අනතුරෙන් පසු අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත්වීමට සූදානම් වූ පළමු ගුවන් යානය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.