ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන ඇතුළත නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
එහි ආරම්භක පියවරක් ලෙස “ශ්‍රී ලංකාවට සුදුසු ආහාර සුරක්ෂිතතා දර්ශකයක් හඳුනා ගැනීම හා උපායමාර්ග සැලැස්මක් සම්පාදනය කිරීම” පිළිබඳ වැඩමුළුවක් අද (17) පෙරවරුවේ පැවත්වුණා.
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නිවැරදි දර්ශකයක් නිර්මාණය වීම මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව වැඩමුළුවේ ආරම්භක දේශනය පැවැත්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න ප්‍රකාශ කර සිටියා.
ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන නිසාත්, පවතින දත්ත ප්‍රමාණවත් හෝ නිරවද්‍ය නොවන නිසාත්, ඒ මත පිහිටා තීන්දු ගැනීම දුෂ්කර වී ඇති බවයි පැවසෙන්නේ.
එබැවින්, ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක හඳුනා ගනිමින්, නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම වෙනුවෙන් මෙම නව ආහාර සුරක්ෂිතතා දර්ශකය නිර්මාණය කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
