Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කින්නියා නගර සභාවේ බලය සහ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය විසින් දිනාගෙන තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය, කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර සභික ඡන්ද ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ මොහොමඩ් මාධි කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්ව තිබෙනවා.

එසේම ගාල්ල, නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර සභික ඡන්ද ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් චන්දන නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.